FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ මහ ලේකම් ඇතුළු ස්ථිර නිලධාරී මණ්ඩලය පත් කිරිම 30 වැනිදා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇතුළු ස්ථිර නිලධාරී මණ්ඩලය මේ මස 30 වැනිදා පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) රාත්‍රි රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වී ඇත.
එසේම එම පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමටද මෙහිදී තීරණය වී ඇති අතර ,එම කමිටුව අද (21) රැස්වීමට නියමිත බවත්, එම කමිටු වාර්තාව මේ මස 30 වැනිදාට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිත බව පැවසේ.