FAST NEWS

24×7 Around the Globe

සයිටම් සිසුවියට එරෙහි වෛද්‍ය සභාවේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි..

මාළඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලැබූ සිසුවියක ලියාපදිංචි කරගන්නා ලෙස අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දුන් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ගොනුකල පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරමීන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දුවක් ලබා දුන්නේය.
අදාළ සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අයිතියක් ඇති බව පසුගිය වසරේ ජනවාරි 31 වනදා අභියාචනාධිකරණය තීන්දුයක් ලබා දුන්නේය.
කෙසේවෙතත් එම තීන්දුව අභියෝගයට ලක්කරමිනුයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොණු කර තිබුණි.
මේ අනුව එය ප්‍රතික්ෂේප කරමින් අදාළ සිසුවියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍ය සභාවට නියම කළේය.
ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය නැවත තහවුරු කර තිබේ.