FAST NEWS

24×7 Around the Globe

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සෙබළෙක් ඝාතනය කරයි..

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබළෙකු අද (21) අළුයම 4.40 ට පමණ ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය සෙබළා වයස අවුරුදු 21 ක් පමණ වන බුලත්කොහුපිටිය, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඩබ්.එම්.එන්.එස්.ජයසේන නැමත්තෙක් බවත් වාර්තා වෙයි.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බවත් මෘත ශරීරය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති බවත් මීරිගම පොලීසිය සදහන් කරයි.