FAST NEWS

24×7 Around the Globe

අනුරපුරේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන අද (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව අසළින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙම වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මහවිලච්චිය සහ නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වැව් 17ක් ප්‍රතිසංස්කරණය සඳහා තෝරාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ ක්‍රියාංවිතය යටතේ වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.