FAST NEWS

24×7 Around the Globe

වැඩි වූ බස් ගාස්තු මිල අද (21) සිට…

ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව සංශෝධිත බස් ගාස්තුව අද (21) සිට ක්‍රියාත්මක වනු ඇත.
බස් ගාස්තු 4% ක බස් ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය පසුගියදා එකඟතාවකට පැමිණි අතර මෙම නව සංශෝධනයට අනුව රුපියල් 12 අවම ගාස්තුව සහ රුපියල් 15 ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැත.
අර්ධ සුඛෝපභෝගි හෝ අධිවේගී මාර්ගවල බස් ගාස්තුවල වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි.