FAST NEWS

24×7 Around the Globe

පොළොන්නරුවේ ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි..

පොළොන්නරුවේ ප්‍රදේශ කීපයකට හෙට පැය 13 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ බැඳිවැව සහ සේවාගම ජලසම්පාදනය මගින් ජලය බෙදාහරින සියලු ප්‍රදේශවලටයි.