FAST NEWS

24×7 Around the Globe

දුම්රියට වන අලි ගැටීමෙන් සිදුවන අනතුරු වැළැක්වීමට නව කමිටුවක්..

දුම්රිය මාර්ගයට වන අලි පැමිණීම හේතුවෙන් සිදුවන අනතුරු වැළැක්වීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කර ඇත.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුවට සාමාජිකයින් හත්දෙනෙකු ඇතුළත් කර ඇත.
වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු පියවර සහ වන අලි ගැවසෙන ස්ථානවල ඉලෙක්ට්‍රොනික පරිපථ සවිකිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව මගින් අවධානයට ලක් කරනු ඇත.