ඥානසාර හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..

ඥානසාර හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්..

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට එරෙහිව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.
එම පෙත්සම මඟින් ඥානසාර හිමියන් ඉල්ලා ඇත්තේ තම විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගෙන ,තමන්ට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව ඉවත දමන ලෙසත් ,එය බල ශුන්‍ය කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසය.
වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට එරෙහිව අභියාචන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ඥානසාර හිමියන් මීට පෙර අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කෙරුණී.