FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඇමති හිස්බුල්ලා සහ පුත්‍රයාට ඇප..

ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමකට අයත් රු. මිලියන 89 ක යන්ත්‍ර සූත්‍ර පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබ සිටි රාජ්‍ය ආමත්‍ය එම්. එල්.ඒ. එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍ර හිරාස් හිස්බුල්ලා, නීතිඥයකු මඟින් ඊයේ (19) වාලච්චේන අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.
ලක්ෂ 02 ක මුදල් ඇප සහ ලක්ෂ 25 ක ශරීර ඇප මත මුදා හරින ලද සැකකරුවන්ට ඔක්තෝබර් 03 දා නැවත අධිකරණය හමුවට ඉදිරිපත් වන ලෙස වාලච්චේන මහෙස්ත්‍රාත් විසින් දැනුම් දී තිබේ.