FAST NEWS

24×7 Around the Globe

සැප්තැම්බර් 26 සිට “ජාතික මදුරු මර්දන සතියක්”..

2018 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා “ජාතික මදුරු මර්දන සතියක්” ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.
ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් ,සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඒකාබද්ධව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.
2018 වර්ෂය තුළ ඩෙංගු රෝගීන් වාර්ථාවීමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන අතර මෙය 2017 වර්ෂය සමග සැසදීමේදී එය 70% පමණ අඩුවීමකි.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 175ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා ඇති අතර මෙම සතිය තුළදී තෝරාගත් අවදානම් කලාප වල පරිශ්‍ර පරීක්ෂාව සිදු කෙරේ.
මෙම පරිශ්‍ර පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්,සාමාජිකයන් 6000කගේ දායකත්වය ලබාගන්නා අතර ගම් මට්ටමින් ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේද සහයෝගය ලබා ගැනීමට නියමිතය.