FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (20)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරු 7.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී පැවැත්වීමට නියමිතව ඇත.
ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය හා පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් කියා සිටියි.
මෙම මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (19) පැවැත්වීමට නියමිතව තිබුණත් විවිධ හේතු මත එය අද දක්වා කල් දමා ඇත.