FAST NEWS

24×7 Around the Globe

ජනපති-ගෝඨා ඝාතන කුමන්ත්‍රණයේ දුරකථන වාර්තා දෙන්නැයි නියෝග..

ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වන අදාළ ජංගම දුරකතනයේ වාර්තා විශ්ලේෂණය කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (19) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ නාමල් කුමාරගේ කටහඬවල් අදාළ දුරකථනය සමග සැසදෙන්නේ ද යන්න තීරණය කිරීම සදහා ඔවුන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් විය යුතු දිනයක් සහ වේලාවක් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසක් විසින් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගෙනය.