චාවකච්චේරියේ මූල්‍ය ආයතනයක් කොල්ලකයි..
ඒ – 9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් අද (19) පෙරවරු 8.15 ට පමණ කොල්ලකෑමට ලක්ව ඇත.
මෙම මූල්‍ය ආයතනය සතු මුදල් සේප්පුවෙන් ගන්නා අවස්ථාවේ දී පිහියක් පෙන්වා බිය වද්දා මංකොල්ලකරු විසින් ලක්ෂ 17 ක මුදලක් සොරා ගෙන ඇත.
පොලිසිය සදහන් කරන්නේ මංකොල්ලකරු සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කළ හිස් ආවරණයක් පැළද සිටි බවයි.
සිදුවීම සම්බන්ධයෙන් චාවකච්චේරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.