FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය කල්යෑමට එරෙහිව ඒකාබද්ධයෙන් නිතීමය ක්‍රියාමාර්ග..

පළාත් සභා මැතිවරණය කල්යාම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිළ නිවසේදී ඊයේ (18) රාත්‍රි පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්විමේදි තීරණය වි තිබේ.
මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
එමෙන්ම පවතින ආර්ථීක තත්වයට විරෝධය පළ කිරීම සදහා වෘත්තීය සමිති සමග සාකච්ජා කර සුදුසු පියවරක් ගැනීම කෙරෙහිද මෙහිදි අවධානය යොමුව තිබේ.