ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා යළි දිවයිනට..

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා යළි දිවයිනට..

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සිය මෙක්සිකෝ රාජකාරී සංචාරය නිම කර අද (19) අලුයම 01 යි 45 ට පමණ කටාර් හි දෝහා නුවර සිට පැමිණ ගුවන් යානයකින් යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
2008 වසරේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නේවි සම්පත් නැමති සැකකරුට විදෙස්ගතවීමට ආධාර කිරීම සම්බන්ධයෙන් විජේගුණරත්න මහතාට එරෙහිව චෝදනා එල්ල විය.
මේ අනුව ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පසුගිය සඳුදා (10) දිනයේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණු නමුත්, රාජකාරී අවශ්‍යතාවක් මත විදෙස් ගතවීම හේතුවෙන් ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස එ මහතා එම දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සෘජුව සම්බන්ධ යැයි විමර්ශන වලදී කරුණු අනාවරණ වී ඇත්නම් වහා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.