FAST NEWS

24×7 Around the Globe

මඩකලපුව දුම්රිය මාර්ග ධාවනය තවමත් යථාතත්වයට පත්ව නෑ..

මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දීවන අලි තිදෙනෙකු ගැටීමෙන් ඊයේ (18) අළුයම සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රියක් පිලී පැනිම නිසා බාධා එල්ල වුණු එම මාර්ගයේ ගමනාගමනය මේ වනවිටත් යථාතත්වයට පත්ව නොමැති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ අනුව කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය මහව දුම්රිය ස්ථානය දක්වාත් මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ගල්ඔය දුම්රිය ස්ථානය දක්වාත් සීමා කළ බව එම මැදිරිය කියයි.
කෙසේ වෙතත් අද උදෑසන 6.05ට කොළඹින් පිටත්වන දුම්රිය මඩකලපුව බලා ධාවනය කරවීමට උපරිම උත්සාහ දරන බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් පැවසුවේය.