FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (19) පස්වරු 7.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.
ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය හා පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.
එසේම අමාත්‍ය ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමට ද මෙම මධ්‍යම කාරක සභාව සඳහා ආරාධනා කර ඇති අතර, ඔවුන් නොපැමිණෙන බව මේ දක්වා දැනුම්දී නොමැති බවද එම පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කරයි.