FAST NEWS

24×7 Around the Globe

එක් ගොවියෙකුගෙන් වී කිලෝ ග්‍රෑම් 5000 ක් මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය..

වී අලෙවි මණ්ඩලය විසින් ගොවියන්ගෙන් මිල දී ගන්නා ලද වී ප්‍රමාණය එක් ගොවියෙකුගෙන් කිලෝ ග්‍රෑම් 5000 දක්වා ඉහළ නැංවීමට, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අද (18) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වී අලෙවි මණ්ඩලය විසින් ගොවියන්ගෙන් මෙතෙක් මිල දී ගන්නා ලද වී ප්‍රමාණය එක් ගොවියෙකුගෙන් කිලෝ ග්‍රෑම්3000 ක් විය.
ගොවීන්ගෙන් මිලදී ගන්නා නාඩු වී කිලෝවක් රු.38 ක් සහ සම්බා වී කිලෝවක් රු.41ක සහතික මිලකටත් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලබයි.