FAST NEWS

24×7 Around the Globe

ආනයන අපනයන පාලකවරයා යළි රිමාන්ඩ්..

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා ලබන මස 02 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
අවුරුදු 10ක් පමණ පැරණි ජපන් වාහන දෙකක් ව්‍යාපාරිකයෙකුට එරටින් ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා මෙලෙස රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වි තිබේ.