FAST NEWS

24×7 Around the Globe

විසර්ජන කෙටුම්පත අද (18) කැබිනට් මණ්ඩලයට

රජයේ වියදම් පිළිබඳ ලේඛණය ඇතුළත් විසර්ජන කෙටුම්පත අද (18) මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමීත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මෙමගින් රාජ්‍ය වියදමෙන් බහුතරයක් ගම්පෙරළියම හා ග්‍රාම ශක්ති හරහා ග්‍රාම සංවර්ධනයට වෙන් කර ඇති බවත් පැවසේ.
එසේම රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 900 ක මුදල මෙමගින් ඉහළ දැමීමට අපෙක්ෂිත බවත් කියැවේ.
එ අනුව විසර්ජන කෙටුම්පත මගින් ඉදිරිපත් කර ඇති රාජ්‍ය වියදම් පියවා ගැනිම සඳහා වු මුදල් උපයන ක්‍රම ඇතුලත් අයවැය යෝජනා ලබන නොවැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමීත බවත් වැඩි දුරටත් පැවසේ.