පසුගිය දින 3 තුළ ඉතා සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි.
එහි විධායක අධයක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන්කළේ මැතිවරණ නීති ආරක්ෂා කිරීමට මැතිවරණ දෙපාර්තාමේන්තුව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව සියලු විධි විධාන යොදා ඇති බවයි.
ඊයේ මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂ සහ පොලිසිය අතර පැවති සාකච්ඡාවේදී වවුනියාව මන්නාරම පුත්තලම ප්‍රදේශ වලද අවශ්‍ය වන්නේ නම් හම්බන්තොට සහ මඩකලපුව ප්‍රදේශ සඳහා ද විශේෂ කාර්ය බලකාය සහ අතිරේක පොලිස් බල ඇණි යෙදවීමට තීරණය කළ බව ද ඔහු පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවු ආකාරයට අද මධ්‍යම රාත්‍රී 12න් පසු සමස්ත මැතිවරණ ක්‍රියාවලිය මැතිවරණ දෙපාර්තමේන්තුවත් පොලිස් දෙපාර්තමේන්තුවත් තමන් යටතට ගනීවි යැයි තමන් විශ්වාස කරන බව කීර්ති තෙන්නකෝන් වැඩිදුරටත් සදහන් කර අැත.
මේ අතර මේ වනවිට කැෆේ සංවිධානයට වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 1610 ක්.
ඉන් 111ක් ප්රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී තිබේ.
තවත් සිදුවීම් 1499ක් මැතිවරණ නීති උල්ලංගනය කිරීම් වේ.







