FAST NEWS

24×7 Around the Globe

20 ට එරෙහි පෙත්සම් පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට..

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද 20 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර ඇත.
අදාළ පෙත්සම් විභාගය සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවත්වා ඇත.
විසිවන සංශෝධනය යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල, රාවණා බලය සංවිධානය පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ,ආචාර්ය ගුණදාස අමරසේකර ,නීතිඥ පාලිත සේනාධීර ඇතුළු 16 දෙනෙකු විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.