FAST NEWS

24×7 Around the Globe

ඩොලරය හමුවේ රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි..

එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය ලෙස අද (17) ගැණුම් මිල රුපියල් 161.8174 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 165.1490 ක් ලෙසින් සටහන් විය.
එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 160.00 හා විකුණුම් මිල රු. 165.00 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වන අතර පසුගිය සිකුරාදා (14) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල මුල් වරට රුපියල් 164.00 සීමාව පසුකර ගොස් තිබුණි.