FAST NEWS

24×7 Around the Globe

පුත්තලම ප්‍රාදේශීය සභාපතිවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට..

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස පුත්තලම මහාධිකරණය විසින් නියෝග කළේය.
ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ඔහුට එරෙහි නඩු විභාගය අවසන් වන තුරු මෙම නියෝගය ලබාදී ඇත.
පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අධිකරණය මගින් ලබාදුන් තීන්දුවක් නොසලකා හරිමින් විදෙස් ගතවීමට උත්සහ කිරීම හේතුවෙන්.
2010 වසරේ ජනවාරි මස 26 වනදා පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ නඩුවක් පවතියි.