FAST NEWS

24×7 Around the Globe

වැටුප් විෂමතා කොමිසම අද (17) රැස්වෙයි..

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සහ රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටළු නිවැරදි කිරීම සඳහා ජනපතිවරයා විසින් පත්කළ 15 කගෙන් යුත් විශේෂ කමිටුව අද (17) පස්වරු 02.30 ට එම කාර්යාලයේදී රැස්වෙනු ඇත.
පසුගිය අගෝස්තු 27 වනදා මෙම කමිටුව පළමුවරට රැස්වූ අතර අද දිනයේ මෙම කමිටුව රැස්වන්නේ 06 වන වතාවටයි.
වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස මෙම කොමිසම වෘත්තිය සමිති ඇතුළු පාර්ශව වලින් ඉල්ලීමක් කර තිබුණු අතර එම යෝජනා අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
පසුගිය 20 වනදා සිට මාස දෙකක කාලයක් සඳහා මෙම කොමිසම පත් කර ඇති අතර එම කාලය තුළ වැටුප් ගැටළුව විසදීම සම්බන්ධයෙන් වන යෝජනා මෙම කමිටුව විසින් ජනාධිපතිවරයා වෙත බාරදීමට නියමිතයි.