FAST NEWS

24×7 Around the Globe

කටුනායක සිට චීනය දක්වා ගුවන් ගමන් යළි අරඹයි..

සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ඊයේ (16) පස්වරුවේ කටුනායක සිට චීනය දක්වා නවතා දැමුණු ගුවන් ගමන් යළි ආරම්භ කළ බව එම සමාගම් පවසයි.
එ අනුව ඊයේ (16) පස්වරු 2.30 ට චීනයේ ග්වන්ෂූ දක්වා ගමන් කිරිමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 880 යානය අද (17) අළුයම 1.44 ට කටුනායකින් පිටත්ව තිබේ.
ඊට අමතරව පෙරේදා (15) දිනයේ හොංකොං බලා පිටත්ව යාමට නියමිතව තිබූ සී.එච්. 611 දරණ ගුවන් යානය ද අද අලුයම 12.27 ට පිටත්ව ඇති බව පැවසේ.
චීනයට බලපා මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් රැසක් ද නවතා දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.