FAST NEWS

24×7 Around the Globe

උප්පැන්න, විවාහ හා මරණ සහතික කඩිනමින් ලබාගැනීමේ සේවාවක්..

දිවයිනේ සියලුම පළාත්වල පදිංචිකරුවන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සියල්ල කොළඹ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විනාඩි පහෙන් ලබා ගැනීමේ සේවාව අද (17) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ඊට අමතරව මාලිගාවත්ත සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් මධ්‍යම ලේඛනාගාරයේ ද මෙම සේවාව සිදුකරනු ඇත.
මේ සඳහා නව කවුළු දෙකක් විවෘත වන අතර 1960 – 2012 දක්වා සියලු සහතික මේ හරහා ලබාගැනීමට අවස්ථාව තිබේ.
දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අතරින් 183 ක පමණක් මෙවැනි සේවාවක් කලින් පැවති අතර එය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අපේක්ෂාවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇත.