FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව 19 වැනිදා රැස් වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වන බව, එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ, සංවත්සර උළෙල පැවැත්වීම, නව සංවිධායකයන් පත්කිරීම හා වත්මන් දේශපාලන තත්ත්වය ආදී කාරණා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තීන්දු ගැනීමට මෙහිදි බලාපොරොත්තු වන බව හෙතෙම පැවසී්‍ය.
නිල කාලය අවසන් වන පළාත් සභාවල මැතිවරණය පැවැත්වීම හා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද එ මහතා පැවසීය.