FAST NEWS

24×7 Around the Globe

අදින් පසු උණුසුම් කාළගුණයේ අඩු වීමක්…

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය අදින් (17) පසු තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඒ සමඟ පවතින උණුසුම් තත්ත්වය ද තරමක් අඩුවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
හම්බන්තොට, මොණරාගල සහ මාතලේ දිස්ත‍්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.