FAST NEWS

24×7 Around the Globe

හොස්නි මුබාරක්ගේ පුතුන් අත්අඩංගුවට..

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා වන අලා සහ ගමාල් මුබාරක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඔවුන් දෙදෙනා වෙත එල්ලවන චෝදනා වන්නේ, කොටස් වෙළඳපොලට නොදන්වා වෙනත් සමාගම්වල නමින් ප්‍රධාන පෙළේ බැංකුවල පාලන කොටස් මිලදී ගත් බවටය.
කෙසේ වෙතත් ධනවත් ව්‍යාපාරිකයන් වූ ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද සදහන්.
දේශපාලනයේ නිරත නොවූවද, සිය පියාගේ සබඳතා අනුව අයථා ලෙස මුදල් ඉපයූ බවට ද ඔවුන් වෙත චෝදනා එල්ලවන බව විදෙස් මාධ්‍ය සඳහන් කලේය.
ඊජිප්තු අධිකරණයේ ඊයේ (15)පෙනී සිටි ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කර ඇත.