FAST NEWS

24×7 Around the Globe

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ජනමත චිචාරණයකට..

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේදි සම්මත කරගෙන ජනමත විචාරණයක් කරා යොමු කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් පසුගියදා සිදුකල වියට්නාම් සංචාරයට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සහ ඩී. එම්. ස්වාමිනාදන් ඇතුළු මැති ඇමැතීන් සමඟ දීර්ඝව සාකච්ඡා කර ඇති බවත් පැවසේ.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී උදය ගම්මන්පිල මැතිසබයේදී පසුගියදා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ මාසයක් තුළ එහි කෙටුම්පත මැති සබයේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවට ඉදිරිපත් කිරීමට රජය තීන්දු කළ බවය.