FAST NEWS

24×7 Around the Globe

රවී කරුණානායකට එරෙහිව සී.අයි.ඩී යෙන් නඩු..

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාවද්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති බව එම දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි.