FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට වැසි..

ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් තවදුරටත් අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
මේ අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 ත් 45 දක්වා ඉහළ යා හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.