FAST NEWS

24×7 Around the Globe

අගමැති හා හිටපු ජනපති යළි දිවයිනට..

වියට්නාමයේ පැවති ආසියාන් සමුළුවට සහභාගි වීම සදහා එහි ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස තුන් දින සංචාරය නිමාවට පත් කර ඊයේ (13) රාත්‍රී 10.15 ට කටුනායක ගුවන් තොටුපොළින් දිවයින වෙත පැමිණ තිබේ.
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ආරාධනාවක් මත ඉන්දියාවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (13) දින රාත්‍රී 10.30 ට ඉන්දියාවේ සිට යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.