නොරොච්චෝලෙන් දහනය වන අළු වලින් ගඩොල් නිෂ්පාදනය කිරීමට යයි..
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ගල්අඟුරු දහනයෙන් එකතු වන අළු භාවිත කර ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ හේතුවෙන් අවට ගම්මානවල ජනතාවට සහ පරිසරයට ඇති වී ඇති අහිතකර බලපෑම් වැළැක්වීමට ද හැකියාව ලැබෙනු ඇත.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
මේ අනුව අළු අවට පරිසරයට මුදා හැරීමකින් තොරව ගල්අඟුරු බලාගාරයේ අළු අංගණය පිහිටි පරිශ්‍රය තුළම නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ඉදිරියේ දී සිදුකරනු ඇත.