FAST NEWS

24×7 Around the Globe

මේ මස අග වන විට දැඩි නියඟය අඩු වෙයි..

දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා තිබෙන දැඩි නියං කාලගුණික තත්ත්වය මේ මස අග පමණ වන විට අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා අනාවැකිකරණ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.
මේ මස අග පමණ වන විට වැසි ඇති වන ලකුණු ඇති බවත්, ලබන ඔක්තෝබර් හා නොවැම්බර් කාලය තුළ දෙවන අන්තර් වැසි මෝසම ආරම්භ වූ පසුව නියං තත්ත්වය පහව යනු ඇති බවත් එ මහත්මීය පෙන්වා දෙයි.
මේ අතර මේ දිනවල නුවරඑළිය ඇතුළු බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අනෙක් දිනවලට සාපේක්ෂව, අංශක දෙක තුනකින් ඉහළ ගොස් ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
විශේෂයෙන් ම උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, නුවරඑළිය, රත්නපුරය, මහනුවර වැනි දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකිය.