FAST NEWS

24×7 Around the Globe

යුද සමයේ ඉන්දියාවට පළාගිය සරණාගතයින් පිරිසක් යළිත් දිවයිනට..

පසුගිය යුද සමයේ ලංකාවේ රැදී සිට ඉන්දියාවට පළාගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ රැඳී සිටි දෙමළ සරණාගතයින් 49 දෙනෙකුට යලි මෙරටට පැමිණීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය අනුමැතිය ලබා දී ඇත.
මෙම සරණාගතයින් පිරිස යළි පැමිණීමට අවශ්‍ය බවට ලිපියක් මගින් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇත.
ඉන් පසුව මේ පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.
මෙම සරණාගතයින් පිරිස ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බව ද වාර්තා වෙයි.