FAST NEWS

24×7 Around the Globe

යුරෝපා සංගමය ෆේස්බුක් / ට්විටර් වෙත රතු එලි දල්වයි..

ත්‍රස්ත හිතවාදී සියලුම පළකිරීම් පැයක් ඇතුළත ඉවත් කරන්නැයි යුරෝපා සංගමය ෆේස්බුක් / ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය රැසකට දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එසේම අදාළ ක්‍රියාමාර්ග නොකළහොත් අතිවිශාල දඩයකට යටත්වීමට ඔවුන්ට සිදුවනු ඇති බවටද යුරෝපා සංගමයේ සභාපති ජීන් ක්ලෝඩ් ජුන්කර් අනතුරු අගවා ඇත.
අයි එස් සටන්කාමීන් ඇතුලු ත්‍රස්ථ සංවිධාන සමාජ මාධ්‍ය යොදාගනිමින් සිය ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සැළකිල්ලට ගෙන මෙම නියෝගය පනවා ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා සිටියි.