FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් ප්‍රනාන්දු ගැන අභියචානධිකරණ තීන්දුව 17 වැනිදා..

පසුගිය රජය සමයේ සතොස මුදල් අවභාවිත කිරිමේ සිද්ධියකට අදාළව බන්ධානාගාරගතකර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී  ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටිමින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමේ විභාගය ඊයේ (12) අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව ලබන සඳුදා (17) ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කළේය.
ජනක් ද සිල්වා හා අචල වෙංගප්පුලි යන ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණී.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කරුණු දැක්වීය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයෝමි වික්‍රමසේකර මහත්මිය සමඟ උදාර කරුණාතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීය.