FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේ 69 වැනි නිදහස් දිනය සැමරෙයි.

පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ 69 වැනි නිදහස් දින සැමරුම් උත්සවය අද (14දා) පෙරවරුවේ කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජනරාල් සයිඩ් ෂකීල් හුසේන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ උත්සවය සඳහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන පාකිස්තාන ජාතිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහිදී අදහස් දක්වා සිටි මහකොමසාරිස්වරයා සිය අසල්වැසි සියලුම මිත්‍ර රටවල් සමගින් වඩා සාමකාමී සහ හොඳ ආර්ථික සබඳතාවක් පවත්වාගැනීමට කටයුතු කරන බව පවසා සිටියේය.