FAST NEWS

24×7 Around the Globe

මාළිගාවත්තේ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් රෝහලේ..

අද (12) රත්‍රී 8.40 පමණ මාලිඟාවත්ත පොලිස් වසමේ ලක්සෙත සෙවණ මහල් නිවාසය අසළදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන අවි ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට ජාතික රෝහලට ඇතුළත්ව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 23 හැවිරිදි අජිමීර් නැමැති අයෙකු බවට හඳුනාගෙන තිබේ.
අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.