FAST NEWS

24×7 Around the Globe

‍FCIDයට එරෙහි පෙත්සමට විරෝධතා ඔක්තෝබර් 2 කැඳවයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගොනු කර ඇති රිට් පෙත්සමට ලබන ඔක්තෝබර් 02වැනිදා විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය බ්‍රහස්පතින්දා පොලිස්පතිවරයාට නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශවයට ලැබී ඇති කියන හිරිහැරකාරී පොලිස් පණිවිඩ පිළිබඳ සොයා බලන ලෙසද අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපතිවරයා වන විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.

තම සේවාදායකයින්ට හිරිහැර වන අන්දමේ පොලිස් පණිවිඩ එවා ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි උදිත ඉගලහේවා මහතා කියා සිටියේය.

පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපතිවරයාය.