කුලියාපිටිය – කොළඹ බස් වර්ජනයක්..

කුලියාපිටිය – කොළඹ බස් වර්ජනයක්..

කුලියාපිටිය – කොළඹ (92) පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොල කාර්යාලය පවසයි.
මෙම වර්ජනය සඳහා සමාන්‍ය හා සුඛෝපභෝගී බස් රථ එක්ව ඇති බවත් කියයි.
කාර්යාල ප්‍රවාහන සේවා මුවාවෙන් මගින් රැගෙන යාමේ බස් රථ 18 ක් මාර්ගයට එකතු කර ඇතැයි විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති හලාවත මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හන්සා මහතාගෙන් කළ විමසීමකදි පැවසීය.
කුලියාපිටියේ සිට කොළඹ හා ඊට තදාසන්න ප්‍රදේශ දක්වා මඟින් රැගෙන යාම මෙම බස් රථ මගින් සිදු කෙරෙන බවත් ඒ සදහා ඔවුන් දිනපතා කොළඹ බලා ගමන් කරන පුද්ගලයන් සම්බන්ධ කර ගන්නා බවත් පැවසේ.
එහිදී දිනපතා මුදල් අය කිරීමක් සිදු කරන බවත් අදාල ස්ථානය කරාම ගොස් බැස්සවීමේ කටයුත්තද සිදු කරන බවද සභාපතිවරයා පැවසීය.
කුලියාපිටිය මාර්ගයේ පමණක් බස් රථ 18 ක් මෙලෙස ධාවනය වන බවත් , පුත්තලම කොළඹ මාර්ගයේ පුත්තලමේ සිට ,හලාවත සිට මාරවිල සිට ,වෙන්නපුවේ සිට හා මීගමුවේ සිට ලෙස බස් රථ 60 ට ආසන්න ගණනක් ධාවනය වන බවද එ මහතා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ලංකා ගමනා ගමන කොමිසම යටතේ පාලනය වන බස් රථ සඳහා මේ වන විට මගින් නොමැති වී අත් බවද කියයි.
මේ තත්ත්වය පිළිබඳව අද (12) දිනයේ ශ්‍රී ලංකා ගමනා ගමන කොමිසමට ගොස් පැමිණිලි කල බවත් විසඳුමක් නොලැබුණහොත් පුත්තලම – කොළඹ , හලාවත- කොළඹ , මිගමුව -කොළඹ , කඩුවෙල-කොළඹ, ඇතුළු මාර්ග රැසක බස් රථ වර්ජනයක් ආරම්භ කරන බව සිමා සහිත හලාවත මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හන්සා මහතා වැඩිදුරටත් පැවසීය .