FAST NEWS

24×7 Around the Globe

‘නෙවි සම්පත්’ යළි රිමාන්ඩ්..

කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීමේ සිද්ධියකට අදාළ නඩුවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින, හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නෙවි සම්පත්’ ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.
2009 – 2010 කාලවකවානුව තුළ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබේ.