FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතකට කැබිනට් අනුමැතිය..

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන එමට ඊයේ (11) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.
මීට අදාළ නව පනත් කෙටුම්පත විදේශ ඇමැති තිලක් මාරපන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එය සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙහිදි අනුමැතිය හිමිවී තිබේ.
මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවම දීම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් බව ද, අලුතින් හඳුන්වාදෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සඳහන් වී ඇතැයි, නව කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වාදී ඇතැයිද පැවසේ.