ගෝඨාභය රාජපක්ෂ CID ය වෙත පැමීණෙයි (UPADTE)

ගෝඨාභය රාජපක්ෂ CID ය වෙත පැමීණෙයි (UPADTE)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
++++++++++++++++++++(update)
ගෝඨාභය රාජපක්ෂ අද (12) CID හමුවට..
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත.
ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහායි.
හිටපු ආරක්ෂක ලේකම්වරයාට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ඉකුත් 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත් අතර කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ගෙන් ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන්ද ඉදිරියේදී මේ පිළිබදව ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.