FAST NEWS

24×7 Around the Globe

හෝමාගම පිරිසක් ගාලුමුවදොර අසල විරෝධතාවයක..

හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් එම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
මෙම විරෝධතාවයට 300 ක පමණ පිරිසක් එක්ව සිටින බව වාර්තා වන අතර කොළඹ කොටුව ඉදිරිපිටින් මෙය ආරම්භ කර ඇත.
බැංකු මාවත ප්‍රදේශයේද දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.
විරෝධතාවය හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය වසා දමා ඇති බව පොලිසිය පවසයි.