FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයා නරේන්ද්‍ර මෝදි සමග දීර්ඝ සාකච්ඡාවක..

 

කථානායක කරූ ජයසූරිය මහතා ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයක් පරිදි ඉන්දීය සංචාරයකට එක්ව සිටියි.
කථානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඊයේ (10) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ බව කථානායක මාධ්‍ය ඒකකය පැවසුවේය.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකා කථානායකවරයා අතර, විනාඩි 45ක දීර්ඝ ද්වීපාර්ශවික සාකච්ඡාවක් සිදුවූ බවත් වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විපක්ෂ නායක ආර්.සම්බන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම් ,ගයන්ත කරුණාතිලක,මනෝගනේෂන් යන මහත්වරුන් සහ ඩග්ලස් දේවානන්ද , විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද , පාර්ලිමේන්තු මහ ලේකම් දම්මික දසනායක මහතාද එක්ව සිටියහ.