සංවර්ධන නිලධාරීන් හා සහකාරවරුන් හෙට වැඩවර්ජනයක..

සංවර්ධන නිලධාරීන් හා සහකාරවරුන් හෙට වැඩවර්ජනයක..

දිවයින පුරා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නිරතව සිටින සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාරවරු හෙට (12) එක්දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටින බව වාර්තා වෙයි.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ මේ වනවිට ලක්ෂයක පමණ නිලධාරීන් පිරිසක් සේවය කරයි.
හෙට පෙරවරු 11.30 ට බොරැල්ල ඩී.එස්.සේනානායක වටරවුමට රැස්වී එතැන් සිට විරෝධතා පා ගමනකින් ගොස් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය.
ඔවුන් මෙම වර්ජනය කිරීමට හේතූන් ලෙස සදහන් කරන්නේ සංවර්ධන නිලධාරීන් හා සංවර්ධන සහකාරවරුන් සියලු දෙනා එම්.එන් – 4 වැටුප් තලයේ සිට එම්.එන් – 5 වැටුප් තලයට අන්තර් ග්‍රහණය කිරීම, උසස්වීම් පටිපාටියක් ඇති කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම , අහිමිකළ විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ලබාදීම ආදී ඉල්ලීම් මුල් කරගනිමින්ය.