FAST NEWS

24×7 Around the Globe

අයි.ඕ.සී ඉන්ධන මීලත් ඉහළට..

රජය ඊයේ (10) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා අයි.ඕ.සී සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164 ක් දක්වා ඉහළ දමා තිබේ.
එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123 දක්වා එම සමාගම ඉහළ දමා ඇති අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 133 දක්වා ඉහළ දමා ඇත.